ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර අත්හිටුවයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

25 වන දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039ක් ලැබී ඇති බවත් ඉන් ඖෂධ ශාලා 1820කට නව බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව එම කාලය තුළ ඖෂධ අලෙවි සැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඉන් ඖෂධ අලෙවි සැල් 137ක පූර්ණ කාලීනව ඖෂධවේදීන් සේවයේ නියුතු නොවීම හේතුවක් වී ඇති බවත් තවත් ඒ අනුව පූර්ණ කාලීනව වගවිය යුතු ඖෂධවේදීන් ඉදිරිපත් කරන තෙක් එම බලපත්‍ර තාවකාලිකව අලුත් කිරීම අත්හිටවූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *