2025 ලෝක ‘කෘත්‍රිම බුද්ධි සමුළුව’ (World AI Conference) චීනයේ ෂැංහයිහිදී (26) වන දින ආරම්භ කෙරුණා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සමුළුව පැවැත්වෙන්නේ “බුද්ධිමත් යුගයේ ගෝලීය සහයෝගීතාවය” යන තේමාව යටතේ යි.

තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයන් සහ කුඩා සමාගම්, ෂැංහයි නගරයේදී මෙලෙස ලෝක AI සමුළුවට එක්වන්නේ තම කෘත්‍රිම බුද්ධි නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ අමෙරිකානු සම්බාධක හමුවේ වුවද, චීනයේ වේගයෙන් වර්ධනය වන AI අංශයට සහාය දැක්වීම උදෙසායි.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ‘ලෝක AI සමුළුවේ’ ප්‍රධාන තැන ගනු ඇත්තේ චීන සමාගම් වන Huawei සහ Alibaba වැනි දැවැන්තයන් මෙන්ම DeepSeek වැනි අභිලාෂකාමී නව සමාගම්ය.

විදෙස් වාර්තාවන්ට අනුව මෙම වසරේ AI සමුළුවට සමාගම් 800 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

එමෙන්ම අධි තාක්ෂණික නිෂ්පාදන 3,000 කට අධික ප්‍රමාණයක්, AI-බලයෙන් ක්‍රියා කරන උපාංග 50 ක් සහ බුද්ධිමත් රොබෝවරුන් 60 ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් සඳහන්.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *