Tariffs for new solar power systems revised
According to a Cabinet decision, the tariffs for newly contracted solar power systems have been revised.
The new tariffs have been revised to Rs. 20.90 per unit up to 5 kilowatts, Rs. 19.61 per unit from 5 kilowatts to 20 kilowatts, and Rs. 17.46 per unit from 20 kilowatts to 100 kilowatts.
The Ministry of Energy has informed in a letter dated June 20 that these revised tariffs will be effective from June 16.
It has also been stated that these revised tariffs will be applicable to all applicants who pay the system clearance fees on or after June 16, 2025.
These new tariffs will also be applicable to extension requests submitted on or after June 16, 2025.
නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කෙරේ
කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.
කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46 ක් ලෙස නව ගාස්තු සංශෝධනය වී ඇත.
බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි මස 20 වැනිදා ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ජුනි මස 16 වැනිදා සිට මෙම සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක බවයි.
2025 ජූනි 16 හෝ ඊට පසුව පද්ධති නිෂ්කාශන ගාස්තු ගෙවන සියලුම අයදුම්කරුවන්ට මෙම සංශෝධිත ගාස්තු අදාළ වන බව ද සඳහන් කර ඇත.
2025 ජූනි 16 හෝ ඊට පසුව ඉදිරිපත් කරන දීර්ඝ කිරීමේ ඉල්ලීම් සඳහාත් මෙම නව ගාස්තු අදාළ වේ.

