අධිවේගී මාර්ගවල ගමන්ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කරේ ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා – අමාත්‍ය බිමල් රත්නායක BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

ගරු අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභා‍පතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි. එසේම අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 3 ක පමණ කාලයක් ලබාදෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5000 ත් 7000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂා කර බැලිය යුතු බවත් ගරු අමාත්‍යවරයා සඳහන් කළේය.

දුර ගමන් සේවා බස් රථ සඳහාද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසූ බවත් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා පාහේ සිය කැමැත්ත පළ කළ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එබැවින් ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම Citra Innovation Lab ආයතනයෙන් මගින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර මෙහිදී මගීන්, රියදුරන් හා පෞද්ගලික බස් රථ හිමියන් 2100කගෙන් පමණ දත්ත රැස්කර තිබේ. ඊට අදාළ වාර්තාවක්ද එම ආයතනය මගින් ලබාදුන් බවද ‍අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

තවද අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ද පැවසීය. එසේම වාහනවල ටයර් අවශ්‍ය නියමිත තත්ත්වයන් සහ ප්‍රමිතියෙන් නොපවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට අවසර ලබා නොදෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ත්‍රී රෝද රථ, වෑන් රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ රියදුරන් වෙනුවෙන් සුබසාධන අරමුදලක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

දුරගමන් සේවා සහ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගාල් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය.

එසේම දුම්රිය සේවය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා සහ වරාය සම්බන්ධ අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටු දෙකක් පත් කිරීම සහ එහි සාමාජිකයින් නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මීට අමතරව කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ එහි පිළිසකර කිරීම් අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. එසේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මතු කළ කරුණු සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා කර, නිර්දේශ ලබාදීම සිදු විය.

මෙම කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද එක්වි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *