අමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ඉදිරි වසර 50 ඇතුළත මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවයි.

පැසිෆික් කැස්කැඩියා කලාපයෙන් රික්ටර් මාපකයේ 8.0 හෝ ඊට වැඩි භූමිකම්පාවක් සිදුවීමට 15%ක පමණ සම්බාවිතාවක් තිබෙන බවත් එවන් සිදුවීමක් හදිසියේ සිදුවුවහොත් කැස්කැඩියා කලාපය හදිසියේම වෙරළ භූමියේ එකවර ජලයේ ගිලා බැසීමක් සිදුවිය හැකි බවද අදාළ විද්‍යාඥයින් සඳහන් කරයි.
එහි ප්රතිබලපෑමෙන් අඩි සිය ගණනක් උස සුනාමි රළක් ජනනය වනු ඇති බවත් එවැනි සිදුවීමක් ඇති වුවහොත්, වෙරළබඩ ප්‍රදේශ වල ජන ඝනත්වය වැඩි වීම හේතුවෙන් විශාල විනාශයක් සිදුවිය හැකි බවද අදාළ විද්‍යාඥයින් සඳහන් කරයි.
තවද අදාළ විද්‍යඥයන් පුරෝකථනය කර ඇත්තේ, මෙම මෙගා සුනාමි තත්ත්වය ඇතිවුවහොත් 30,000ක පමණ පිරිසක් මිය යෑ හැකි බවත් 170,000ක පමණ ගොඩනැගිලි ඇතුළු දේපොළවලට හානි සිදුවිය හැකි බවයි
BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

