අමෙරිකා තානාපතිනි ජූලි චන්ග් මහත්මිය, සේවා කාලය නිමකර 16 වැනිදා දිවයිනෙන් පිටව යයි
අමෙරිකා තානාපතිනි ජූලි චන්ග්, සේවා කාලය නිමකර මෙම මස 16 වැනිදා දිවයිනෙන් පිටව යයි
සිය සේවා කාලය නිමකරමින් අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වනදා මෙරටින් පිටව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.
එතුමියගේ සේවා කාලය වසර 4කට ආසන්නය.
මෙරට තානාපතිනිය වූ පළමු දිනයේ සිටම තම අරමුණ වූයේ දෙරට අතර ආරක්ෂක හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම, වෙළෙඳ හා ආයෝජන පුළුල් කිරීම සහ අධ්‍යාපන හ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ප්‍රවර්ධනය කිරීම බවයි ඇය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි 75 වන සංවත්සරය සැමරීම ද මෙම කාලය තුළ සිදුවීම විශේෂය.
ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහනේ 80 වන සංවත්සරය ද ඊට ඇතුළත් වනවා.
IMF පහසුකම සඳහා අමෙරිකාවේ සහයෝගය ලබාදීම, ස්වභාවික විපත්වල දී මානුෂිය සහාය ලබාදීම ආදිය ද ඒ අතර වන බවයි තානාපතිවරිය සඳහන් කරන්නේ.
නව එක්සත් ජනපද තානාපතිවරයෙකු පැමිණෙන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය වැඩබලන තානාපති ධුරයේ කටයුතු කරනු ඇති.

