අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5,000කට මඳක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බව ‘Free Lawyers’ සංවිධානය පවසනවා.

අදාළ අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙසයි කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය ඉල්ලා සිටින්නේ.

සංවරණ හා තුලන පද්ධති ක්‍රමවේදයකින් තොරව සිදු වන රාජ්‍ය මුදල් පරිහරණය අපරාධයක්, දූෂණයක් සහ වංචාවක් බව අදාළ ලිපිය මඟින් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ බලය හිමි පාර්ලිමේන්තුව හරහා මේ සම්බන්ධයෙන් කරුණු විමසිය යුතු බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *