ඉස්ලාම් දහම ගැන දැනගන්න සර්ව ආගමික නායකයන් සහ සමාජ ක්‍රියාකාරීන් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මුස්ලිම් පල්ලියට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සමාජය තුළ පැතිරී යන අන්තවාදී අදහස් වල සැබෑ ස්වරූපය මෙන්ම ඉස්ලාම් ආගම තුළ ඇති සත්‍යතාවය පිළිබඳව පැහැදිලි කිරීම අරමුණ කර ගනිමින් අන්තර් ආගමික සහජීවන වැඩමුළුවක් (17) අල් මස්ජිදුල් කබීර් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජුම්මා පල්ලියයේ පැවැත්විණ,

මෙම වැඩසටහන සඳහා මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නායකවරුන් සහ ආගමික සහජීවනය උදෙසා කටයුතු කරන සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ ,

මෙහිදී ඉස්ලාම් ආගමේ ආරම්භයේ සිට වර්තමානය දක්වා වන සියලූම ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් පිළිබඳව පුළුල් විග්‍රහයක් සිදු කෙරෙනු අතර ඉස්ලාම් ආගම පිළිබඳ ඇති සියලූම ප්‍රශ්න හා ගැටලුවලට සවිස්තරාත්මක පිළිතුරු ලබාදීමට මෙහිදී අවකාශය ලබාදී තිබිණ ,

උදෑසන නමයට ආරම්භ වූ වැඩසටහන පස්වරු හතර දක්වා සිදුකිරුණු අතර මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටියහ ,

https://we.tl/t-guEFG48ToY7H8TKj

මෙම වැඩසටහන නුවරඑළිය යං එන්ට්‍රපෲනස් ස්විච්ඡා සංවිධානය මගින් සංවිධානය කර තිබූ අතර එහි සම්පත් දායකත්වය නිදා සංවිධානය විසින් සිදු කරනු ලැබීය .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *