එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකිවුණා – ජනපති BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එහිදී මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය සහ මෙම තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව
අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එහි ධනාත්මක පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ප්‍රවේශයන් හඳුනා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ අපනයන විවිධාංගීකරණය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.


✔️
හොද වැඩක්
Good news