යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට ඇමරිකාවෙන් තීරුබද්දක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක තීරුබදු පනවා තිබෙනවා.
මෙම නව තීරුබදු පැනවීම සිදුකර ඇත්තේ, අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි.
මෙම තීරුබදු පැනවීමේ තීරණයට එරෙහිව කටයුතු කරන්නේ නම් අදාළ වෙළඳ හවුල්කරුවන් වෙත ඊටත් වඩා ඉහළ ආනයන බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
යුරෝපා සංගමය මේ වන විට ජනාධිපති ට්‍රම්ප්ගේ නිරන්තර විවේචනයට ලක්ව තිබෙනවා.
අප්‍රේල් මාසයේදී ඇමරිකාව යුරෝපීය භාණ්ඩ සඳහා 20% ක බදු ප්‍රකාශයට පත් කර තිබුණා.
මෙම සතිය මුලදී ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට මෙන්ම ජපානය, දකුණු කොරියාව, කැනඩාව සහ බ්‍රසීලය ඇතුළු රටවල් ගණනාවක් සඳහා නව තීරුබදු නිවේදන නිකුත් කරනු ලැබුවා

