කාලගුණයේ වෙනසක් ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව පවසයි.
මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.
තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මිට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය

