කොළඹට ආ වායු තත්ත්ව අධීක්ෂණ උපකරණය BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර

කොළඹට නව වායු තත්ත්ව අධීක්ෂණ උපකරණයක්
ප්‍රංශ රජයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස කොළඹ අවට වායුගෝලීය දූෂක කාරකයන් මැනිය හැකි නවීන බහු-දූෂක හඳුනාගන්නා උපකරණයක් අද දින (සැප්තැම්බර් 17) ස්ථාපනය කරන ලදී.

මෙම උපකරණය මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙහෙයවන වායු තත්ත්ව අධීක්ෂණ මධ්‍යස්ථානයේ සවි කර තිබේ.

වායු දූෂණ අවම කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල මෙවලමක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම Online Real Time Web Based Air Quality Monitoring System මගින් ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුත් දත්ත සැපයීම සිදු කරයි. මෙම සියලු ක්‍රියාකාරකම් පරිසර අමාත්‍යාංශයේ වායු තත්ත්ව කළමනාකරණ ඒකකය මගින් සංවිධානය කරන ජාතික මෙහෙයුම් කමිටුව හරහා අධීක්ෂණය කරනු ඇත.

නව උපකරණය ස්ථාපනය කිරීමේ උත්සව අවස්ථාව ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද මෙයට සහභාගි විය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *