කෝටි 32 කට අධික කුෂ් කටුනායක දී අල්ලයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඉකුත්දා (10) විදේශිකයින් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකාවට විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂමව රැගෙන ඒමට ගත් උත්සාහයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත් විය.

අදාළ සැකකරුවන් දෙදෙනා කැනඩා ජාතිකයන් වන අතර, වයස අවුරුදු 25ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 29ක් වූ කාන්තාවක් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් පසුගිය 10 වන දින පෙරවරු 11.15ට පමණ තායිලන්තයේ බැංකොක් නගරයේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 403 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද ඉලක්කගත පරීක්ෂාවකදී සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 32.159 ක කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් 321,590,000ක් පමණ වේ.

මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කොට  සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (PNB) භාරදී ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *