චමුදිත “පද්මේ” එක්ක කරපු වීඩියෝ කෝල් එකේ දර්ශනයකින් පසු අත්අඩංගුවට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

චමුදිත සමරවික්‍රම මහතා
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවත අද උදෑසන මාධ්‍ය මගින් වාර්තා කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ මෙන්ම තවත් අයෙක් වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම පිටුපස මෙරට සිටින ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ද සහාය ලැබී ඇති බවට මේ වන විට සමාජ මාධ්‍යයේ පුවතක් හුවමාරුවෙමින් පවතිනවා.

ඊට හේතුව නම් මීට පෙර මෙම ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පත්මේ සහ කාන්ඩෝ සලින්ත යන පුද්ගලයින් දෙදෙනා විදෙස් රටකදී පොලිස් අත්අඩංගුවට පත්වූ බවට ප්‍රවෘත්තියක් පැතිර ගිය විටදී, චමුදිත සමරවික්‍රම මහතා විසින් යූටියුබ් නාලිකාවක මෙහෙයවනු ලැබූ වැඩසටහනක් අතරතුරදී කෙහෙල්බද්දර පත්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පුද්ගලයින් දෙදෙනා දුරකතන මාර්ගයෙන් සජීවීව සම්බන්ධ කරගෙන තමන් එලෙස අත්අඩංගුවට පත්ව නොමැති බව පැවසීමේ ආන්දෝලනාත්මක කතාබහයි.

මෙලෙස චමුදිත සමඟ දුරකතන මාර්ගයෙන් සජීවීව සම්බන්ධ වෙමින් සිදු කළ ආන්දෝලනාත්මක කතාබහ සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වන පුවතක් බවට පසුගිය කාලයේ
එවන් වටපිටාවක අද දිනයේ මෙලෙස ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම පිටුපස මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ සහාය ලැබී ඇති බවට පුවතක් “චමුදිත සමරවික්‍රම” යන ෆේස්බුක් ගිණුමක් හරහා අනාවරණය කර තිබේ.
එමගින් ප්‍රකාශ ඇත්තේ පහත ආකාරයටයි.

උපුටා ගැනීම:

“මගේ 30 වසරක මාධ්‍ය ජීවිතයේ කවදාවත් මූලාශ්‍රයක් හෙළි කරල නෑ. ඒත් රටේ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් ඒ දේ කරා. ඊයෙ පද්මෙ එක්ක කරපු වීඩියෝ කෝල් එකේදි ජනේලයෙන් පිටත පෙනුන දර්ශනයක් ජකාර්තාවල රැඳී හිටපු අපේ CID නිලධාරින්ට දුන්නා. පැයක් යන්ඩ කලින් ජකාර්තා පොලිසිය අදාල ගොඩනැගිල්ල හඳුනාගෙන වැටලීමක් කරා.
තවත් කතාවක කොටසක් ඒ විදිහට නිමා වුණා. අපි බලමු ඉදිරියට වෙන දේ.”

උපුටා ගැනීම අවසන්:

චමුදිත සමරවික්‍රම මහතා අප සමග කියා සිටියේ තමන්ට එවැනි කිසිදු ෆේස්බුක් ගිණුමක් නොමැති බවත්, එලෙස තමන්ගේ නමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් ගිණුමක් හරහා කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම පුවත ප්‍රචාරය කර ඇති බවයි.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් තමන්ගේ ජීවිතයට අනතුරක් කිරීමේ අරමුණින් සිතාමතාම මෙලෙස තමන්ගේ නම අවභාවිතා කරමින් මෙම ව්‍යාජ පුවත ප්‍රචාරය කර ඇති බවයි.

ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ තර්ජනයන් පැවති පසුබිමක මෙලෙස තමන්ගේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් ගිණුමක් හරහා සිදු කරනු ලබන මෙවැනි ප්‍රචාරය කිරීම් සම්බන්ධයෙන් වගකිවයුතු අංශ දැනුවත් කරමින් ඉදිරියේදී ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටින බව ද චමුදිත සමරවික්‍රම මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

මෙරට සිදුවන විවිධ ගණයේ දරුණු වංචා, දූෂණ ,අපරාධ සම්බන්ධයෙන් නොබියව කතා කරන මාධ්‍යවේදීන්ගේ ජීවිත තර්ජනයට ලක්කරන්නට කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඊට අවශ්‍ය නීතිමය පියවර ගැනීම මෙරට ආරක්ෂක අංශ සහ දේශපාලන අධිකාරයේ ප්‍රධාන වගකීමක් සහ යුතුකමක් බව අප යළි යළිත් මතක් කර දෙන්නෙ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *