තිස්සමහාරාම එල්ලගල ප්‍රාථමික විදුහලේ දරුවන් ඇතුළු එම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ජලය සැපයේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එල්ලගල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජල අවශ්‍යතාව ලුණුගම්වෙහෙර ජල සම්පාදන ක්‍රමය මගින් සම්පාදනය කෙරුණද වකුගඩු ආශ්‍රිත රෝගීන් වාර්තා වන මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සපුරා ගැනීම වසර ගණනාවක් පුරා නොවිසදී පැවති ගැටළුවක් වූ අතර මෙම ගැටළුව හදුනා ගත් පෙරේරා සහ පුත්‍රයෝ සමාගමේ මූල්‍ය දායකත්වයෙන් නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉකුත්දා තිස්සමහාරාම එල්ලගල විද්‍යාලයේ ස්ථාපිත කෙරිණි.

මේ තුළින් එම ප්‍රදේශයේ විශාල පිරිසකට මෙය සහනයක් වූ අතර නාවික හමුදාවේ දායකත්වයෙන් ජනතා අයිතියට පත්වූ 1162 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය මෙය වේ.

ඡායාරූප පහතින් දැක්වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *