දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළට – සෞඛ්ය අංශයෙන් ජනතාවට උපදෙස්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදීනි ෆාතිමා සෆාන්
දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළට – සෞඛ්ය අංශයෙන් ජනතාවට උපදෙස්
දිවයිනේ විවිධ ප්රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් මේ දිනවල වාර්තා වන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්, රෝගය වැළැක්වීම සඳහා අවශ්ය සෞඛ්ය ආරක්ෂණ ක්රම අනුගමනය කිරීම වැදගත් බවත් එම අංශය අවධාරණය කරයි.
සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම මහතා මේ බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ, පසුගිය සති තුන හතරක කාලය තුළ සිදුකළ රෝග නිරීක්ෂණවලදී ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයන්ගේ වැඩිවීමක් හඳුනාගෙන ඇති බවයි. පසුගිය සතියේ පරීක්ෂා කළ සාම්පලවලින් සියයට 35කට ආසන්න ප්රමාණයක් ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයට අදාළ බවට හඳුනාගෙන තිබේ.
මේ දිනවල පැතිර යන කැස්ස, සෙම්ප්රතිශ්යාව සහ උණ වැනි රෝග ලක්ෂණ අතර ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයද සැලකිය යුතු මට්ටමක පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
සාමාන්යයෙන් බොහෝ රෝගීන්ට දින තුන හතරක් ඇතුළත සුවය ලැබිය හැකි වුවද, ඇතැම් අවදානම් කාණ්ඩවල පුද්ගලයන්ට මෙම රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවීමේ හැකියාව පවතින බවද විශේෂඥ වෛද්යවරයා සඳහන් කළේය.
ඒ අනුව, ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් මෙන්ම දියවැඩියාව, හෘද රෝග සහ වකුගඩු රෝග වැනි දිගුකාලීන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
රෝගය පැතිරීම වළක්වා ගැනීමට පියවර ගන්න
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ප්රධාන වශයෙන් ආසාදිත පුද්ගලයන්ගේ කැස්ස සහ කිවිසුම් මඟින් පිටවන ශ්වසන බිඳිති හරහා පැතිර යා හැකිය. ආසාදිත පුද්ගලයන් හෝ වෛරසය තැවරුණු මතුපිට ස්පර්ශ කිරීමෙන්ද ආසාදනය වීමේ අවදානමක් පවතී.
එබැවින් රෝගය වැළැක්වීම සඳහා නිතර සබන් යොදා දෑත් සේදීම, කැස්ස හෝ කිවිසුම් යන විට මුඛය සහ නාසය ආවරණය කිරීම සහ රෝග ලක්ෂණ පවතින විට අන් අයට රෝගය පැතිරීම වැළැක්වීමට මුඛ ආවරණයක් පැළඳීම වැනි පියවර අනුගමනය කිරීම වැදගත් වේ.
රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් හැකි සෑම විටම නිවසේ රැඳී විවේක ගත යුතු අතර, විශේෂයෙන් අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලයන්ට රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්ය උපදෙස් ලබාගැනීම සුදුසුය.
ජනතාව අනියත බියට පත් නොවී, නිසි සෞඛ්ය ආරක්ෂණ ක්රම අනුගමනය කරමින් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගැනීමට සහයෝගය ලබාදීම වැදගත් වේ.