සාමණේර හිමිනමක් අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි – වසර 10ක සිරදඬුවම තහවුරුයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බෞද්ධ භික්ෂුවක් විසින් ගොනු කර තිබූ අභියාචනයක් අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කළා.

එමෙන්ම බරපතළ ලිංගික අපයෝජනයට අදාළව ඔහුට නියම වූ වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ වරදකරුවීම ද තහවුරු කරයි.

මෙම අභියාචනය අද (15) නිශ්ප්‍රභ කරන ලද්දේ විනිසුරු අමල් රණරාජ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසිනි.

ළමා වින්දිතයාගේ සාක්ෂිය විශ්වාසදායක සහ සත්‍ය බව තහවුරු වීමෙන් පසු, එම සාක්ෂි මත පදනම් වීමට නඩු විභාග කළ විනිසුරුවරයාට අයිතියක් ඇති බව ඔවුන් එහිදී තීන්දු කළා.

චූදිත හිමිනම දණ්ඩ නීති සංග්‍රහයේ 365B(2)(b) වගන්තිය යටතේ බරපතළ ලිංගික අපයෝජන චෝදනා දෙකක් සම්බන්ධයෙන් පොළොන්නරුව මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබ සිටියා.

මෙම චෝදනා එල්ල වී ඇත්තේ 2014 නොවැම්බර් 23 සහ 2015 ජනවාරි 23 යන කාල සීමාව තුළ සිදුවූ බව කියන සිදුවීම් සම්බන්ධයෙනි.

එම අවධියේදී වින්දිතයා හත් හැවිරිදි වියේ පසුවූ අතර, ඔහු ජ්‍යෙෂ්ඨ භික්ෂුවක් වන චූදිතයා වැඩසිටි පන්සලේම නේවාසිකව සිට ඇත.

නඩු විභාගයෙන් අනතුරුව, මහාධිකරණය විසින් එක් චෝදනාවකට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 50,000 ක දඩයක් නියම කළ අතර, දඩය නොගෙවන්නේ නම් ඒ වෙනුවට මාස හයක ලිහිල් සිරදඬුවම් නියම කළේය.

මෙම සිරදඬුවම් සමගාමීව (එකවර) ගෙවී යා යුතු බවට නියෝග කෙරිණි.

මීට අමතරව, වින්දිතයාට රුපියල් 100,000 ක වන්දියක් ගෙවන ලෙසද චූදිතයාට නියෝග කර තිබුණා.

ඉන් අනතුරුව, තමන් වරදකරු කිරීම සහ දඬුවම අභියෝගයට ලක් කරමින් චූදිතයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කරන ලැබුවා.

අභියාචනාධිකරණය සිය තීන්දුව මගින් ප්‍රකාශ කළේ, වින්දිතයා සිදුවීම් පිළිබඳව සවිස්තරාත්මක හා ස්ථාවර ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, හරස් ප්‍රශ්න ඇසීමේදී හඳුනාගත් පරස්පරතාවන් ප්‍රධාන ලිංගික අපයෝජන චෝදනාවලට අදාළ නොවන බවත්ය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටියා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *