නිවසේ සිට රෝහල දක්වා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණයි” අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝහල් වලට පමණක් සීමා කළ නොහැකි බවත්, අවශ්‍යතාවය ඇති ස්ථානවල ස්ථාපිතව සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය යුතු බවත් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සම්මේලනයට සහභාගීවෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (Sri Lanka College of Emergency Physicians – SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනය – 2025 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (09) වන දින කොළඹ දී පැවැත්විණි.
එම සම්මේලනයට සහභාගිවෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය සේවාව රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි බව හඳුනා ගෙන ඇති බවත්, එය අවශ්‍යතාව ඇති සියලු ස්ථානවලට ව්‍යාප්ත විය යුතු බවත් පෙන්වා දෙන ලද අතර, එම සේවා කටයුතු රෝහල්වල නිශ්චිත සත්කාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතු බව ද පැවසී ය.

ඒකාබද්ධ වූ ක්‍රමවේදයක් තුළ නිවසේ සිට රෝහල දක්වා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම වැඩපිළිවෙල ප්‍රාථමික සෞඛ්‍ය සේවා උපාය මාර්ග තුළට ද ඇතුළත් කර ඇති බවත්, ඊට සැමට ප්‍රවේශ විය හැකි බව ද මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා රජය තීරණාත්මක පියවර රැසක් ගනිමින් සිටින බව ද පැවසී ය.

“ශ්‍රී ලංකාව පුරා හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාවේ අනාගතයට පාලමක්” (Bridging the Future of Emergency Medicine Across Sri Lanka) යන්න තේමා පාඨය කරමින් මෙවර වාර්ෂික අධ්‍යයන සම්මේලනය පැවැති අතර, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (SLCEP) විසින් ජාත්‍යන්තර ආරාධිත විශේෂඥයින් සහ දේශීය වෘත්තිකයන්ගෙන් සමන්විත කීර්තිමත් විද්වත් මණ්ඩලයක් එක්රැස් කරමින්, අධ්‍යයන හුවමාරුව, සායනික අවබෝධය සහ සහයෝගී ඉගෙනීම වැනි හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාවේ නවතම වර්ධනයන් සහ තීරණාත්මක මාතෘකා කෙරෙහි ි අවධානය යොමු කරමින් මෙම වාර්ෂික අධ්‍යයන සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *