නුවරඑළිය මහ නගර සභාවේ රුපියල් මිලියන 9.2 ක ඩීසල් වංචාවක් – ඩීසල් නැතුව කසල කළමනාකරණ රථ තැන් තැන්වල නවතී
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ද්විත්වා කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පතනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීමේදී රුපියල් මිලියන 9.2 දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයෙන් සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානයෙන් විගණකාධිපතිවරයා ඇතුළු ස්ථාන රැසකට ලිඛිතව පැමිනිළි ඉදිරිපත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ නුවර එලිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීගනගේ පවසයි ,
ඔවුන් මේ බව කියා සිටියේ සිදුවී ඇති බව පවසන නුවරඑළිය මහ නගර සභාව මගින් ඉන්ධන සඳහා මුදල් වෙන් කරමින් රුපියල් මිලියන 9.2 ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයාගෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයට ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ,
සිද්ධිය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මෙලෙස අදහස් දැක්විය ,
පසුගිය වසර අගභාගී ඇති වූ දිත්වා පියස දිගින් හානියට පත්වූ නුවරඑළිය නගරය මැදින් ගලා බසින තලගල ඔය සංවර්ධන කටයුතු සඳහා ස්කවේටර් බැකෝ ඇතුළු යන්ත්‍ර සූත්‍ර කුලී පදනම

