පෙර පාසල්වලටත් විෂය නිර්දේශයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

නව අධ්‍යාපන විෂය නිර්දේශ මාලාව යටතේ පෙරපාසල් පද්ධතිය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් කරගන්නා බවත්, පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමට බලාපොරොත්තුවන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍වසනවා.

නව විෂය නිර්දේශ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඇය මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව, පෙර පාසල් සඳහා විෂය නිර්දේශ මාලාවක් සකස් කරන අතර,ඒ සඳහා විෂය නිර්දේශ රාමුවකට අනුමැතිය ලැබී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අශෝක ද සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සදහන් කළා.

දැනට සකස් කර තිබෙන පෙරපාසල් විෂය නිර්දේශ රාමුව යටතේ පෙර පාසල් විෂය මාලා සකස් කරමින් සිටින බවද ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *