භාණ්ඩවලට බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
Ali Express වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කිරීමක් සිදුකර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.
මීට පෙර පැවති ක්‍රමය අනුව බදු අය කිරීමක් සිදු කළද, වටිනාකම අනුව බදු අය කිරීමක් සිදු නොකළ බවත්, එය වැරදි ආකාරයට භාවිතා වන බවට පෙනී යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.
නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කර, මාස එක හමාරකට පෙර දැනුම් දීමෙන් අනතුරුව භාණ්ඩ සඳහා ගෙවන නව ක්‍රමවේදය හඳුන්වාදුන් බවත්, ගෙන්වන භාණ්ඩවලට නිවැරදි බද්ද ගෙවා භාණ්ඩ රැගෙන යා හැකි බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


