මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පිරිසක් අතට පත්වූ සිද්ධියෙන් අනතුරුව, එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඉයේ (13) මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සමීප සම්බන්ධතාවයකින් කටයුතු කරමින් පද්ධති ආරක්ෂාව සහ ක්‍රියාපටිපාටි තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කර ඇති බවය.
ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, මහබැංකුව හෝ වාණිජ බැංකු විසින් ගනුදෙනු සිදුකරන්නේ පාරිභෝගිකයා හෝ ආයතනය ලබාදෙන නිල උපදෙස් අනුව බවයි. ගිණුම් අංක සහ ගෙවීම් තොරතුරු නිවැරදි නම් පද්ධතිය හරහා ගෙවීම ක්‍රියාත්මක වන අතර, එම උපදෙස් වෙනස් කිරීමේ බලයක් බැංකුවට නොමැති බවද ඔහු අවධාරණය කළේය.
ගෙවීමක් සිදු වූ පසු එය අදාළ පාර්ශවයට ලැබී ඇත්දැයි තහවුරු කිරීමේ වගකීමද මුදල් ලබන ආයතනය සතු බව මහබැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.





