මාස 6ට රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

ඉයේ(3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ, මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක් වූ සීවලී අරුක්ගොඩ මහතා,

“ශ්‍රී ලංකා රේගුවේ ආදායම අද වනවිට රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා. වසරේ තවම මාස 6යි ගතවෙලා තියෙන්නේ.

මේ වසරේ දී රජය අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය බිලියන 2115ක් (ට්‍රිලියන 2.115).

ඒ අනුව රේගුවට මේ වනවිට හිමිවෙලා තිබෙන ආදායම අනුව එම ඉලක්කය පසුකර යෑමට හැකිවෙයි කියලා අපි හිතනවා.

මෙම සාර්ථකත්වයට හේතු වුණේ ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතුකර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගතකිරීම නිසා” යැයි පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *