මුදල් ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ – මහ බැංකුවෙන් නිවේදනයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මුදල් ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ – මහ බැංකුවෙන් නිවේදනයක්
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

මේ බව ඊයේ (22) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, 5% ක උද්ධමන ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථික වර්ධනය සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *