රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දිමට යොජනාවකි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, පරිපූරක ඇස්තමේන්තුව අංක 01 අනුමත කිරීමට සහ පරිපූරක ඇස්තමේන්තුව අංක 02 අනුමත කිරීමට අදාළ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරන අභිලාෂයන් වෙනුවට අවම සම්ප්‍රදායන් හෝ රකින තත්ත්වයක් පෙන්නුම් නොකරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සරෝජා පෝල්රාජ් මහත්මිය,

ශිෂ්ට සම්පන්න දේශපාලනයක් අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ දී නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. අද වනවිට මේ පාර්ලිමේන්තුව තුළ ඒ අභිලාෂයන් ඉටුකරනවා වෙනුවට අවම සම්ප්‍රදායන් හෝ රකිනවා වෙනුවට සිදුවන්නේ කුමක්ද? අපි මේ මූල්‍ය කළමනාකරණය ගැන කතා කරනවා. ප්‍රතිපත්ති හා නීති සම්පාදනයට අපි ආවා.

නමුත් මේ කාන්තා නියෝජනය ලෙස ආව අපි 20 දෙනා රට වෙනුවෙන් සේවය කරනවා. ජනතාවගේ ඡන්දයෙන් අපි ආවා. ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් කතා කරනවා. දේශපාලනය තුළ ගැහැනු පිරිමි කියා වෙනසක් නැහැ. කාන්තාවන් වුණත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න අපිත් ලෑස්තියි. අපි ඌරන් සමඟ මඩට බහින්න ලෑස්ති නැහැ.

මේ පරිපූරක ඇස්තමේන්තුව තුළ ගර්භිණී කාන්තාවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. කාන්තා මන්ත්‍රීවරියන් පවුරක් සේ එකාවන්ව සිටිය යුතු වෙනවා. අපේ කාන්තාවන්ට මේ පාර්ලිමේතුවේ ඉඩ සෑදිය යුතු වෙනවා. අපි අයෝමය ශක්තියකින් නැඟිටින කාන්තාවන්. අපිට අවලාද නඟලා නවතන්න බැහැ. පරිපූරක ඇස්තමේන්තු දෙකක් මෙන්ම ජාතික විගණන පනත ගැනද අද සාකච්ඡා කරනවා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *