රජය ගෙන යනු ලබන ජනතාහිතවාදි වැඩපිළිවෙළ මෙරට ෆින්ලන්ත තානාපතිගේ ඇගයීම‌ට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, දෙරට අතර ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳවත් අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කෙරිණි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳව තානාපතිවරයාව දැනුවත් කළ අතර, වයස්ගත ජනගහනය, බෝ නොවන රෝග අභියෝග මෙන්ම ඉහත අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා සවිබල ගැන්වීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමේ සහ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද ෆින්ලන්ත තානාපතිවරයා දැනුවත් කළේය.
⁠සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා තානාපතිවරයාට කරුණු පැහැදිලි කළේය.
මෙරට ෆින්ලන්ත තානාපති Kimmo Lahdevirta මහතා වත්මන් රජය ගෙන යනු ලබන ජනතාවාදී වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ෆින්ලන්තයේ දියුණු සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් ද මෙහි දී ⁠ කෙටියෙන් විස්තර කළේය . ෆින්ලන්ත සෞඛ්‍ය සේවා පද්ධතියේ අභියෝග ද පෙන්වා දෙන ලද අතර, මෙරට සෞඛ්‍ය පද්ධතිය හා සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක ඩිජිටල්කරණය හා සම්බන්ධ සංවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දීමට ද ෆින්ලන්ත තානාපතිවරයා මෙහිදී අවධානය යොමු කළේ ය. ෆින්ලන්ත රජය පසුගිය සමයේ මෙරට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සහ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළේය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *