රජය නොවිසදන දේශිය අල ගොවියාගේ ගැටලු විසඳන්න දීප ව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් හා ජාතික මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණයක් දේශයේ ගොවි හඩ සංවිධානය කරයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

දේශීය අලු ගොවියා ශක්තිමත් නොකර දේශීය ගොවියාගේ ගැටළු විසඳීමට ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට දේශපාලන හිතවතුන්ගේ මඩිය තර කර ඒ ඔස්සේ දේශපාලකයන් කොමිස් ලබා ගැනීම වෙනුවෙන් විදේශීය ආනයනික අර්ථාපල් මෙරටට සීමාවෙන් ඔබ්බට ගෙන්වීමෙන් දේශීය අලගොවියාට උද්ගතව ඇති ගැටලු වලට විසඳුම් වශයෙන් රටම එක මිටට කොළඹට ගෙන්වා උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට සූදානම් වන බව දේශයේ ගොවි හඩ සංවිධානය නුවරඑළියෙදී ප්‍රකාශ කරයි .

ඔවුන් මේ බව කියා සිටියේ (24) දින සවස දේශීය ගොවි හඩ සංවිධානය නුවරඑළිය කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි ,

මෙහිදී දේශීය ගොවි හඬ සංවිධානය නියෝජනය කරමින් එහි සභාපති තරිඳු රත්නායක සහ දේශීය ගොවි හඬ සංවිධානය සමග එක්ව මාධ්‍ය හමුවට සහභාගි වූ නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති සම්පත් ගුණරත්න එහි ලේකම් හසිත වීරසිංහ සහ සාමාජික ඩිලංක ගුණරත්න යන අය මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය ,

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ දේශයේ ගොවි හඬ සංවිධානයේ සභාපති තරිඳු රත්නායක ,

පෙර පැවති රජයන්වලට වසර ගණනාවක් පුරාවට හා වර්තමාන රජයට වසර දෙකක කාලයක් පුරාවට දේශීය අල ගොවියා පත්ව ඇති දැඩි පීඩාකාරි තත්ත්වය හා පකිස්ථානයෙන් හා තවත් විදේශීය රටවල් කිහිපයකින් ආනයනය කරන ලද අර්තාපල් මෙරටට ගෙන්වීමෙන් ඇතිවන තත්ත්වය පවසන නමුත් වග කිව යුතු රජයක් හැටියට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන විට අරන් නැහැ ,

රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය භාරදීලා තියෙන්නේ අමු පිස්සෙකුට සහ ඩිමෙන්සියා රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකුට ,

ඔහු හැමදාම යහළුවොත් එක්ක එකතු වෙලා ආතල් අරගෙන ඉන්නවා හැරෙන්නට ගොවියා වෙනුවෙන් හා කෘෂිකාර්මික සංවර්ධයන වෙනුවෙන් කරපු දෙයක් නෑ ,

කෘෂිකර්මය ක්ෂේත්‍රය ගැන පළපුරුද්දක් තියෙන පුද්ගලයෙකු රටේ ජනාධිපතිවෙලා ඉන්න විට කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න පුද්ගලයා තමන්ගේ ක්ෂේත්‍රයම විනාශ කරන්න උත්සාහ කරනවානම් එක්කෝ ඒ පුද්ගලයාව රජයෙන් ඉවත් කරන්න ඕන එහෙමත් නැත්නම් තමන්ට ඒ ගැන අවබෝධයක් අරගෙන වැඩ කරන්න බැරි නම් තමන් ඉවත් වෙලා යන්න ඕන ,

මේ දෙකම නැතුව ගොවීන්ගේ දේශීය ගොවියාගේ ආර්ථිකය විනාශ කරලා ගොවියාගේ බඩට ගහන්න කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අපි පෙළගැහෙන්නන ලෑස්ති ,

රජයට අවශ්‍ය අපිට කියලා උද්ඝෝෂණයක් කරවලා මේ වැඩේ විසඳ ගන්න නම් අපි ඒකටත් මේදවස්වල කටයුතු කරනවා ,

ඉදිරියේදී ප්‍රාදේශීය දේශපාලන නායක යනුත් උදලු මිටින් කන්න ලෑස්ති වෙලා ඉන්න මොකද ගොවි ජනතාවට දැන් එපාවටම එපා වෙලාන්නේ ,

ඔය කොළඹ ඉඳන් කතා කරන ලාල් කාන්ත සහ නාමල් කරුණාරත්න ගාඩ් එක නැටුම් ගමට බැහැල බලන්න එතකොට වෙන දේ හිතාගන්න බැරි වෙයි ,

දේශී ගොවියාගේ ගැටළු විසඳා ගැනීමේ මූලික අධියරක් වශයෙන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට උද්ඝෝෂණ සංවිධානය කරනවා.

ඒකෙන් එක් උද්ඝෝෂණයක් 24 දින ජනාධිපතිවරයාගේ ප්‍රදේශයේ තඹුත්තේගම දී සිදුවෙනවා ,

ඉදිරියේදී මෙවන් උද්ඝෝෂණ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අන්දමින් ක්‍රියාත්මක කරලා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරන ගොවි මහතුන් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් දේශයේ ගොවි හඬ සංවිධානය විසින් සංවිධානය කරනවා .

ඒත් එක්කම වස විස අන්තර්ගත මැද කුණු වෙච්ච විදේශීය අර්ථාපල් පාරිභෝගිකයන් අතරට යන එකට විශේෂයෙන්ම වගකියන්න ඕන සෑම නගරයකම ඉන්න නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් ,

මොකද සෑම වෙළඳ සැලකම විදේශීන් ආනයනය කරන ලද අර්තාපල් අලෙවි සඳහා තබා තියෙනවා එම අර්ථාපල් අල්ලපු ගමන් එබෙනවා ,

එම අර්ථාපල්වල ගුණාත්මක භාවයක් නැහැ බීජ වෙන්න ඔන්න මෙන්න එවන් අර්තාපල් අලෙවිය තහනම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දිත් ඔවුන් ඒ දේට සහයෝගය ලබා දෙනවා කියන්නේ අපිට හිතෙන්නේ ඔවුනු ජරාව කාලාලා කියලයි ,

අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එහෙම ජරාව කාල නැත්නම් මහජන පාරිභෝජනයටට සුදුසු දේශීය අර්තාපල් පමණක් අලෙවි කරන්න අවසර ලබා දීලා පිටරටින් ගෙන්නන මහජන පාරිභෝජනයට සුදුසු අර්ථාපන අලෙවි කරන්න සූදානම් කරලා තිබෙන අලෙවි ස්ථාන වෙළදසැක් පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *