රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය ඇමතිගෙන් ආරාධනයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 82ක් සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවත්, ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් 7 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවයි හෙළිව ඇත්තේ.

ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 57 දෙනකු මුදා හැර ඇති බවත්, වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා .

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 1139ක හිඟයක පවතින අතර, රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දැනට 2042 ක් සිටින බවයි ඔහු පවසන්නේ.

පසුගිය කාලයේදී රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලංකාවට පැමිණ ඇත්තේ 40% පමණක් බවත්, වර්තමානය වනවිට එය 65% දක්වා හොඳ මට්ටමකට වර්ධනය වී ඇති බවත්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 201 දෙනකු වයස අවුරුදු 60ට වැඩි අය බවත් 546ක් වයස 55-60 අතර අය බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇති බවත්, සෙසු අයත් එසේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔහු පවසන්නේ.

එම විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරටට පැමිණීමට ආරාධනා කරන බවත්, පැමිණීමට ඇති බාධා තිබේ නම් ඒවා ඉවත් කර දෙන බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *