වාහන ආනයනය ගැන ජනපති ගත් තීරණය BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

වාහන ආනයන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මේ බව පැවැසීය.

ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර ප්‍රමාණයකින් ණයවර ලිපි විවෘත කරනු ඇතැයි පුරෝකතනය කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩිකිරීමක් ඉදිරියේදී සිදුනොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *