විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දීමට හැකි නව නීති BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ. ඡන්ද බලය, මැතිවරණ නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ වාසය කරන සහ මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට පමණක් සීමා වී ඇත. වත්මන් මැතිවරණ පනත් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නොමැත. එහෙත්, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි නීතිමය ක්‍රමෝපායයන් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා ඒ ආකාරයේ නීතිමය සංශෝධන සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට හඳුනාගෙන ඇත

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *