විරෝධතා සහ දේශපාලන බලපෑම් නොතකා මෙරට වාරිමාර්ග පද්ධති ආරක්ෂා කරනවා

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

එ සඳහා වැව් රක්ෂිත ආක්‍රමණය කරන ජනාවාස ඉවත් කිරීමට රජය කැපවී සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අවධාරණය කරයි.

ලෝක බැංකුවේ අරමුදල් සහිත දේශගුණික ස්මාර්ට් වාරිමාර්ග කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ කඳුරැලි කළමනාකරණ කමිටු අත්පොතක් එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් අමාත්‍ය ලාල්කාන්ත පැවසුවේ කෘෂිකර්මාන්තයට සහ ජල ආරක්ෂාවට අත්‍යවශ්‍ය වන වැව් රක්ෂිත සහ කඳුරැලි වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා එවැනි ආක්‍රමණ ප්‍රධාන බාධාව ලෙස පවතින බවයි.

“වැව් රක්ෂිත අනවසර අත්පත් කර ගැනීම්වලින් නිදහස් විය යුතුයි. වචන, මිත්‍රත්වයන් හෝ දේශපාලන මැදිහත්වීම් මත මෙම පියවර නැවැත්විය නොහැකියි,” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

රජය දැනටමත් අනුරාධපුරයේ නුවර වැව ඇතුළු ඇතැම් වැව් රක්ෂිත තුළ ජනාවාස නැවත ස්ථානගත කිරීම ආරම්භ කර ඇති නමුත්, ඇතැම් පදිංචිකරුවන්ගෙන් විරෝධය මතු වී ඇති බව ඔහු සඳහන් කළේය.

නැවත පදිංචි කරන ලද පදිංචිකරුවන්ට වන්දි ලබා දී වැඩිදියුණු කළ ජීවනෝපායන් ලබාදෙන බවට අමාත්‍ය ලාල්කාන්ත සහතික වූ අතර, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට සමාන්තරව, ප්‍රජාවන් නැවත පදිංචි කර වඩා හොඳ ජීවන තත්ත්වයන් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

“මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් ලැබෙනවානම් ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ,” ඔහු පැවසීය.

අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාව දීමට වැව් රක්ෂිත සීමාවන් සකස් කිරීම වෙනුවෙන් ඇතැම් නිලධාරීන් විසින් කරන ලද යෝජනා ද අමාත්‍යවරයා විවේචනය කළේ එවැනි චින්තනයක් ජල යටිතල පහසුකම්වල දිගුකාලීන ආරක්ෂාව අඩපණ කරන බව පවසමිනි.

“එවැනි මානසිකත්වයක් ඇති නිලධාරීන් සිටින තාක් කල් වැව් රක්ෂිත ආරක්ෂා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ,” ඔහු පැවසීය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *