විශ්‍රාමික ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කෙරේ : ජනපති අනුර කුමාරගේ රජයට ජනතාවගේ සතුට හා අග්ර්වාදය BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අහිමිවන හා හිමිවන වරප්‍රසාද මොනවා ද?
විශ්‍රාමික ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කෙරෙන නව කෙටුම්පත ගැසට් කෙරේ : අහිමිවන වරප්‍රසාද මොනවා ද?
බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.
ඒ අනුව, මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කරන ලදී.
ඒ අනුව පසුගිය දා පැවති කැබිනට් හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව යි.
ඒ අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි පළ කර ඇත.
මෙම පනත 2025 අංක දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබෙන අතර 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මෙයින් ඉවත් කරනු ලබන බව සඳහන් ව තිබේ.
මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසු ව තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවට සඳහන් ඇති හිමිකම් මෙසේ ය.
හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව; හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඊට අයත් ය.
වරප්‍රසාද අහිමිවන්නේ කාට ද ?
ඒ අනුව නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් දැනට ජිවතුන් අතර සිටින විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ජිවතුන් අතර නොමැති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට හිමි නොවනු ඇත.
මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ තෙවන විධායක ජනාධිපති ඩී.බි. විජේතුංග යන විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් මේ වන විට ජිවතුන් අතර නැත.
මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස තවමත් ජිවතුන් අතර සිටින අතර ඒ අනුව පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වුවුහොත් ඇයට ඉහත වරප්‍රසාද අහිමි විය හැකි ය.
එමෙන් ම දැනට ජිවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහට ද මෙම නව කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවුහොත් ඉහත සියලු හිමිකම් අහිමිවනු ඇත

