විශේෂඥ වෛද්‍ය වරයෙකුගෙන් ලක්ෂ 61 ක්,කප්පම් ගත් තරුණ යුවළක් පොලිස් අත් අඩංගුවට..
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
එස් . කේ . සමරනායක
විශේෂඥ වෛද්‍ය වරයෙකු ගේ ,ඡායාරූප සහ වීඩීයෝ දර්ශණ ඇතැයි පවසා,ඒවා මුහුණු පොත හරහා ප්‍රචාරය කරන බවට තර්ජනය කර ,එම වෛද්‍ය වරයා බිය ගන්වා ,ඔහුගෙන් රුපියල් ලක්ෂ 61 ක ,මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගෙන ,තවත් මුදල් ඉල්ලා බලපෑම් කරමින් කප්පම් ලබා ගැනීමට තැත්කල තරුණ යුවළක් තෙල්දෙණිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගත් යුවළ මැදමහනුවර ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළක් බවත් ,කාන්තාව 23 හැවිරිදි වියේ ,පසුවන බවත් පිරිමි පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන බවත්,දෙදෙනා එක්ව මෙම කප්පම් ලබා ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවා ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකාරිය විශේෂඥ වෛද්‍ය වරයා සේවය කල චැනල් සෙන්ටර් හී සාත්තු සේවිකාවක් ලෙස සේවය කර ඇති බවත් පොලිස් විමර්ශණ වලදී හෙළිව තිබේ . .
මෙම සැකකාර යුවළ තෙල්දෙණිය පොලිස් වසමේ කූලී නිවසක තාවකාලිකව පදිංචි වී සිට මෙම කප්පම් ලබාගැනීම සිදුකර තිබේ,පැමිණිළිකාර වෛද්‍ය වරයාට බලපෑම් කර තවත් රුපියල් ලක්ෂ 81 ක ,මුදලක් බලහත්කාරයෙන් ලබා ගන්නට උත්සාහ දැරූ අවස්ථාවේ වෛද්‍ය වරයා සිද්ධිය පොලීසියට පැමිණිළි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් සැකකාර යුවළ තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් එළඹෙන 25දක්වා රක්ෂිත බන්ධනා ගාර ගත කෙරිණි.
තෙල්දෙණිය පොලිස් අධිකාරී (01) ජයන්ත සමරකෝන් මහතාගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී එම් චන්ද්‍රපාල මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශණ සිදුකරයි

