ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් සැකකටයුතු මූල්‍ය අක්‍රමිකතාවයක් ගැන අරංචියක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශ්‍රීලංකන් ගුවන් සමාගම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයකට සිදුකළ මුදල් ගෙවීමක් සහ චෙන්නායි කාර්යාලයේ වාර්තා වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ නිල පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
සමාගම සඳහන් කළේ, ඩුබායිහි සේවා සපයන ආයතනයක නිල විද්‍යුත් තැපැල් ගිණුම තෙවන පාර්ශවයක් විසින් වෙනස් කිරීම හේතුවෙන් වංචනික බැංකු ගිණුම් තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව, ඩිරාම් 974,000ක මුදලක් වැරදි ගිණුමකට මාරු කර ඇති අතර, වංචාව හඳුනාගත් වහාම තවදුරටත් ගෙවීම් නතර කිරීමට පියවර ගත් බවද දන්වා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කර ඇති බව සඳහන් වේ. එම ගෙවීම නිල අත්සන් සහිත හා සාමාන්‍ය සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ලැබුණු උපදෙස් මත සිදුකළ බවත්, සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් පද්ධතිය අවභාවිත වීම සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බවත් නිවේදනයේ දැක්වේ.
එමෙන්ම චෙන්නායි කාර්යාලයේ මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳවද කරුණු දක්වමින් ශ්‍රීලංකන් සමාගම පවසා ඇත්තේ, එහි මුදල් අංශයේ සේවය කළ ඉන්දීය සේවකයින් පිරිසක් ව්‍යාජ ඉන්වොයිස් සහ ගෙවීම් තොරතුරු වෙනස් කරමින් ඉන්දීය රුපියල් මිලියන 22ක මුදලක් අවභාවිත කර ඇති බවයි.
අභ්‍යන්තර විමර්ශනවලදී සැකකටයුතු ගනුදෙනු කිහිපයක් අනාවරණය වී ඇති අතර, පරීක්ෂණ ආරම්භ වීමෙන් පසු අදාළ සේවකයින් සේවයට වාර්තා නොකරන බවද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය නීති ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති අතර, අලාභය අයකර ගැනීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී.


https://shorturl.fm/lyJzN