ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මූණගම අක්ෂිදාන ශාඛාව විසින් සංවිධානය කරන ලද ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
2026.09.29 දින හොරණ දික්හෙන පුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී සිදුකරන ලදී.
මෙම අක්ෂි සායනයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් 359 දෙනෙකු වෙත ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම සිදුකරන ලද අතර මෙහිදී මරණින් පසු තම ඇස් සහ පටක දන්දීමට කැමති අයට ඒ සඳහා වූ පොරොන්දු පත්‍ර අස්සන් කිරීමක්ද සිදුකරන ලදී.
මෙම අක්ෂි සායනය මූණගම අක්ෂිදාන ශාඛාවේ සභාපති ශාන්ත කුමාර මහතා සහ එහි ලේකම් ජයන්ති වික්‍රමසිංහ මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මහජන සම්බන්ධතා නිලධාරී වසන්ත ප්‍රේම සිරි මහතා ද මේ අවස්ථාවට සම්බන්ධ විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ දෘෂ්ටි පරීක්ෂක ක්ලැරන්ස් යටවර මහතා විසින් පැමිණි අයෙකුගේ ඇස් පරීක්ෂා කරන අයුරු සහ මහජන සම්බන්ධතා නිලධාරී වසන්ත ප්‍රේම සිරි මහතා විසින් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට ඇස් කන්නාඩි යුවලක් පරිත්‍යාග කරන අයුරුයි.

