දිලිත්, ගම්මන්පිල, විමල් ඇතුළු 6කට එරෙහි නඩුව අද යළි කැඳවයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

දිලිත් ජයවීර, වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව අධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට දැනුම්දී ඇත්තේ, නම් කරන ලද පාර්ශවයන් වෙනුවෙන් පෙන සිටි නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

අදාළ ලිපිලේඛන හා තොරතුරු සම්බන්ධයෙන් වන ප්‍රගතිය සොයා බැලීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා උදෑසන යළි නඩුව කැඳවීමට නියමිතය.

මේ අතර, නම් කරන ලද පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා නඩුව ඔක්තෝබර් 23 වැනිදා පස්වරුවේ අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දැනුම් දී තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *