භික්ෂුවකගේ ගරුත්වයට පර සුද්දන්ගේ පාලන සමයටත් වඩා අගතියක් සිදුවෙලා

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

ඥානසාර හිමිට ජනාධිපති සමාවක් දෙන්න – නුවරඑළිය විහාරාධිපති සංගමය

මහානායක හිමිවරුන් නිහඬව සිටින්නේ දේශපාලන බලපෑමක් නිසාදැයි සැකයක්

කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොවී, ආගම් භේදයකින් තොරව අන්තවාදයට එරෙහිව හඬ නැඟූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීත්‍යනුකූල ක්‍රමවේදයක් යටතේ ජනාධිපති සමාව ලබාදිය යුතු බව නුවරඑළිය විහාරාධිපති සංගමය නියෝජනය කරමින් පූජ්‍ය මාකදුරේ රතන හිමියෝ සහ පූජ්‍ය කළුගහකඳුරේ විජිත හිමියෝ පැවසූහ.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින ක්‍රියාමාර්ග හේතුවෙන් භික්ෂුවකගේ ගරුත්වයට පර සුද්දන්ගේ පාලන සමයටත් වඩා බරපතළ අගතියක් සිදුව ඇති බව උන්වහන්සේලා චෝදනා කළහ.

“ඥානසාර හිමියන්ට සිදුවී තිබෙන්නේ එක් භික්ෂුවකට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගයක් පමණක් නොවෙයි. භික්ෂුවකගේ ගරුත්වයට පර සුද්දන්ගේ පාලන කාලයටත් වඩා අගතියක් සිදුවෙලා. මේ පිළිබඳව මහා සංඝරත්නයත් රටේ වගකිවයුතු පාර්ශ්වයනුත් වහාම අවධානය යොමු කළ යුතුයි” යැයි උන්වහන්සේලා පැවසූහ.

එමෙන්ම ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සහ සංඝ සභා නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා නිහඬව සිටින්නේ කිසියම් පාලක පක්ෂයක දේශපාලන බලපෑමක් හේතුවෙන්දැයි සැකයක් පවතින බවද උන්වහන්සේලා චෝදනා කළහ.

“එවැනි බලපෑමක් නොමැති නම් මේ පිළිබඳව වහාම අවධානය යොමු කර ඥානසාර හිමියන් වෙනුවෙන් සාධාරණ මැදිහත්වීමක් සිදුකරන්නැයි අපි මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයිද උන්වහන්සේලා සඳහන් කළහ.

අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවමේ ඉතිරි කාලය ගෙවමින් සිටින ඥානසාර හිමියන්ට, මීට පෙර ලබාදී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව නැවත සිරගත කිරීමට සිදුව තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථානුකූල බලතල යටතේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සානුකම්පිත තීරණයක් ගෙන ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද පූජ්‍ය මාකදුරේ රතන හිමියෝ සහ පූජ්‍ය කළුගහකඳුරේ විජිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *