ෂොපිං බෑග් නීතිය ගැන අලුත්ම කතාවක්
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ෂොපිං බෑග් සදහා මුදල් අය කිරීමේ විශේෂ නීතිය ක්‍රියාත්මක වන පසුබිමක නුවරඑළිය හා හැටන් ප්‍රදේශවල ඇතැම් පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් අගයන නමුත් බහුතරයක් වූ වෙළඳුන් හා පාරිභෝගිකයන් එය ප්‍රායෝගික නොවනබව ප්‍රකාශ කර සිටිනවා.
වෙළඳ පොළ තුළ ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් භාණ්ඩ රැගෙන යාම සදහා භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම 01 දින සිට තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය ඔක්තෝබර් මස 01 දින නිකුත් කරනු ලැබීය.
ඒ අනුව පාරිභෝගිකයන් වෙත ලබාදෙන ෂොපිං මලු සඳහා මිලක් අය කල යුතු බව අදාළ ගැසට් නිවේදනය සඳහන් වේ.
එවන් පසුබිමක නුවරඑළිය හා හැටන් ප්‍රදේශී ව්‍යාපාරිකයන් පවසන පරිදි, ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රසාදය පළ කර නමුත් බහුතරයක් ව්‍යාපාරිකයන් එම ගැසට් නිවේදනය සඳහන් කරුණු ප්‍රායෝගික නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටිනවා.

