සේවක අර්ථසාධක අරමුදල් ගැටළු විසඳන්න, ජංගම සේවා සතියක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
සේවක අර්ථසාධක අරමුදල් ගැටළු විසඳන්න, ජංගම සේවා වැඩසටහන් සතියක්
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවයේ නියුතු ඔබට ඇති ගැටළු සඳහා විසඳුම් ලබාදීමට කම්කරු දෙපාර්තමේන්තුව මඟින් විශේෂ ජංගම සේවා වැඩසටහන් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ, සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 26 දින දක්වා, සියලුම දිස්ත්‍රක් හා උප කම්කරු කාර්යාලය ආශ්‍රිතවයි.
එහිදී ඔබට ඔබගේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජික ගිණුම් තොරතුරු/ ශේෂ පිරික්සීම, නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත අනුව නිවැරදි කර ගැනීම, සාමාජිකයින් ලියාපදිංචි කිරීම, පැමිණිලි භාරදීම සහ කම්කරු නීතී සම්බන්ධව උපදෙස් ලබා ගැනීම යන සේවාවන් ලබාගත හැකිය.
කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මෙම සේවාවන් ලබාගැනීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත, බී කාඩ්පත (ලියාපදිංචි වී ඇත්නම්), සේවායෝජකගෙන් ලබා ගත් ලිපිය (සංශෝධන සිදුකර ගැනීමට අවශ්‍ය නම්) රැගෙන ළඟම පිහිටි කම්කරු කාර්යාල වෙත පැමිණෙන ලෙසයි.


