හමුදාවෙන් විශ්‍රාම ලබා ඉපැරණි බුදු පිළිමයක් රැගෙන නුවර ටවුමේ කරක් ගැසූ හිටපු හමුදා භටයන් දෙදෙනෙක් අත් අඩංගුවට..
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
එස් . කේ . සමරනායක
වසර තුන්සියක පමණ කාලයක් ඉපැරැණි බව පැවසෙන රන් ආල්පිත බවට හැඟෙන කිලෝ 50 කට ,වඩා බරැති බුදුපිළිමයක් සමග විශ්‍රාමික හමුදා භටයන් දෙදෙනෙකු මහනුවර නගරයේදී අත් අඩංගුවට ගත් බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.
සැකකාර හිටපු හමුදා භටයන් දෙදෙනා මෙම ඉපැරණි බුදු පිළිමය මහනුවරට රැගෙන විත් එය නියම රත්රන් එකකදැයි තහවුරු කර ගැනීමට උත්සාහ දරා ඇති බවත් ,මේ සම්බන්ධව ලැබුණු තොරතුරක් මත එම සැකකරුවන් දෙදෙනා බුදු පිළිමය සමග අත් අඩංගුවට ගත් බවත් ,මහනුවර පොලීසියේ ඉහළ නිලධාරියෙක් කීය.
සැකකරුවන් මෙය කිසියම් විහාරස්ථානයකින් සොරකම් කරන ලද එකක් බවට පොලීසිය සැකකරයි.
මෙම ඉපැරණි බුද්ධ ප්‍රතිමාව පුරාවිද්‍යා වටිනාකමක් සහිත එකක් බවට තහවුරු කර ගැනීම සඳහා පුරා විද්‍යා තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරනබව ,මේ සම්බන්ධව විමසූ අවස්ථාවේදී මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතා පැවසීය.
මහනුවර පොලිස් අධිකාරී (01) රවීන්ද්‍ර ධර්මදාස මහතාගේ අධීක්ෂණ මත ,මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ ,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනාරච්චි යන නිලධාරින් සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වති.




