ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හේවාහැට නව සංවිධායක හිමේෂ් තරිඳු තෙන්නකෝන්

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නව සංවිධායක ලෙස ක්‍රියාකාරි තරුණ නායකයෙකු වන හිමේෂ් තරිදු තෙන්නකෝන් මහතා පත් කර ඇත.

පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඔහුට මෙම පත්වීම ලබාදෙන ලදී.

මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකු වන තෙන්නකෝන් මහතා වර්ෂ 2014 සිටම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අයෙකි.2024 දි නාමල් රාජපක්ෂ මහතා සමග අත්වැල් බැදගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවල නිරත වූ මෙතුමා පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුද වන මොහු මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ සභාපතිවරයාද වේ.

පාසල් වියේදි දක්ෂ ක්‍රිඩකයෙකු වන මොහු මහනුවර මාවිල්මඩ පදිංචි අජිත් තෙන්නකෝන් හා අනෝමා අලුවිහාරේ තෙන්නකෝන් යුවළගේ පුත්‍රයාය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *