හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර නඩු පවරනු ලැබ තිබේ. BBCMirror.lk .   CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ සැකකරු විසින් රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින්.

 

2022 ජනවාරි 1 වන දා හා 2023 නොවැම්බර් 10 වන දා කාලය අතරතුර එනම් වසරකුත් මාස 11ක කාලයක් තුළදී රුපියල් විසිඅට කෝටි හැටපන් ලක්ෂයකට අධික මුදලක් උපයාගෙන ඇති බවත් ඉන් රුපියල් විසිහත්කෝටි පනස්තුන් ලක්ෂ දෙදහස් හයසිය දහසයයි ශත 06ක් (රු. 275,302,616.06) වටිනා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වැරැදි සිදුකර ඇති බවත් එමගින් චෝදනා නඟා තිබේ.

 

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබූ විත්තිකාර රමිත් රඹුක්වැල්ල එලෙස නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් අතරට කොළඹ 7 ධර්මපාල මාවතේ පිහිටි කැපිටල් රෙසිඩන්ස් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි අටක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක වටිනාකමින් යුත් නිවාස දෙකක්, විත්තිකරුගේ බිරියට අයත් බැංකු ගිණුම් හතරක්, විත්තිකරුගේ නමින් පවත්වාගෙන යන ගිණුම් හතරක් සහ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් ඇතුළු දේපළ අයත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ එම චෝදනා පත්‍රයේ සඳහන් වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *