හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අරගලකරුවන් පාලනය කිරීමට ‘හදිසි නිතිය පැනවීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක්’-ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කරයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 23] තීන්දු කළේ ය.
2022 වසරේ ජූලි මස 17 වන දා ‘අරගලකරුවන්’ පාලනය කිරීම සඳහා එවකට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 23] තීන්දු කළේ ය.
වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන් ම බල ශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.
2022 ජූලි 9: ශ්‍රී ලාංකික පුරවැසියන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසු ගත වුණු වසර තුන තුළ සිදු වූයේ මොනවා ද?
අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති පැනවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව ය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

