හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි පෙත්සමක් විභාගයට අවසර

BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අවසර ලබා දුන්නේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් දින නියම කරනු ලැබීය.

Spread the love

2 thoughts on “හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි පෙත්සමක් විභාගයට අවසර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *