2025.07.24 අපගේ අරමුණ ගොවිජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

වත්මන් රජයේ අරමුණ ගොවිජනතාව දුප්පත්කමින් මුදවා ගැනීම බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්මාන්තයේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (23) ගොවිජන මන්දිරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මෙහිදී ගොවිජන බල මණ්ඩලය විසින් දැනට කෘෂිකර්මාන්තයේදී ගොවීන්ට මුහුණපාන්නට සිදු වන ගැටලු සහ ඊට ලබා දිය යුතු විසඳුම් සම්බන්ධයෙන් සකස් කළ යෝජනාවලියක් ද ඉදිරිපත් කෙරිණි.
වී අස්වනු නෙළීමේදී සාධාරණ මිලක් ඉදිරිපත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම ලබා දීම, කෘෂි උපකරණවල බදු ඉවත් කිරීම, වගා කන්නයට පෙර පොහොර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම, බඩඉරිඟු ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීම, වනසතුන්ගෙන් බෝග ආරක්ෂා කිරීමට වායු රයිෆල් ලබා දීම, පොහොරවලට සහතික හෝ පාලන මිලක් නියම කිරීම, කෘෂි රක්ෂණ වන්දි මුදල් වැඩි කිරීම, අස්වනු නෙළන සමයේදී එම බෝග ආනයනයට පෙර ගොවි සංගම්වල අදහස් ලබා ගැනීම ආදී කාරණා පිළිබඳව මෙම යෝජනාවලියේදී අදහස් ඉදිරිපත් විය.
“ගොවියෝ සත්තු මරනවා නම් ලංකාවේ මෙලහකට සත්තු නැහැ” යනුවෙන් ද අවධාරණය කළ අමාත්‍යවරයා වනජීවි කලමනාකරණය යනුවෙන් විෂයක් ලංකාවේ නැති බවත් අප උත්සාහ ගනිමින් සිටින්නේ එම විෂය ඇති කිරිමට බව ද මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ගොවි සංගම්වල නියෝජිතයෝ සහභාගී විය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *