ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තමාගේ ප්‍රශ්න ජනතාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඔහු මෙම අදහස් පල කළේ, “ගමින් ගමට” මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් මාලාව යටතේ, පස්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් මාවරල කොට්ඨාසයේ ජන හමුවක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

” ආණ්ඩු බලයට ආපු අය දැන් ආණ්ඩුව කරන්න ඕනේ. කෙඳිරිගාලා හරියන්නේ නෑ. ම දැක්කා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇවිල්ලා පැය දෙකක් කෙඳිරි ගෑවා. රටේ නායකයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එයාගේ ප්‍රශ්න කියනවා. එතකොට මිනිස්සු කාටද කියන්නේ ප්‍රශ්න. රටේ දේශපාලකයෙක් හැටියට ආණ්ඩු බලය තියෙන, තුනෙන් දෙකක් පාර්ලිමෙන්තු බලය තියෙන, විධායක ජනාධිපතිවරයා තමන්ගේ අග්‍රාමාත්‍යවරිය ඇතුළු තුනෙන් දෙක වාඩි කරවගෙන අනේ විපක්ෂය දිහා බලාගෙන රටේ මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න කියනවා.එතකොට රටේ ජනතාව ප්‍රශ්න කියන්නේ කාටද? ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ විසඳුම්, කෙඳිරිගාන එක නෙවෙයි. ඒත් ආණ්ඩුව මොකද කරන්නේ? හැමදාම තමන්ගේ ප්‍රශ්නයෙන් ජනතාවගේ ප්‍රශ්නය යට ගහන්න ආණ්ඩුව කෙඳිරි ගානවා. එක පැත්තකින් කුඩා තේ වතු හිමියන්ට ප්‍රශ්නයක් තියෙනවා. දළුවල මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා, ගම්මිරිස් මිල ගැන ප්‍රශ්නයක් එනවා, කුඹුරු කරන ගොවින්ගේ ප්‍රශ්න තියෙනවා. ඒවට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ. වී මිලදී ගැනීම පිළිබඳව සාධාරණයක් කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ. අණ්ඩුව දෙන විසඳුම මොකක්ද? අපි පිටින් ගෙනල්ලා කන්න දෙන්නම්. අපි පිටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි වවනවට වඩා කියලා කියනවා. ලුණු පිටින් ගේන්නේ දැන්. ධීවරයන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කවුරුත් නෑ අද. තවත් පැත්තකින් දිනෙන් දින රැකියා අහිමි වෙනවා. එක පැත්තකින් උපාධිදාරීන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක් තියෙනවා. රජයේ රැකියා දෙන්න බැරි නම් ආයෝජන ගෙනල්ලා පෞද්ගලික අංශයේ රැකියා බිහි කරන්න ඕනේ. ආණ්ඩුවට එහෙම සැලැස්මක් නෑ. ආයෝජකයෙක් ආවොත් ඒ ආයෝජකයින්ට හොරා කියලා බනිනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *