කොළඹට හෙට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා හෙට (26) දිනයේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියා.

පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බව එම පක්ෂය සඳහන් කළා.

මීට සමගාමීව, ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *