පිහිනමින් සිටි දරුවාට සිදු වූ අනතුර ගැන සැකයක්-සීසීටීවී දර්ශන ඉල්ලයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
කොල්ලුපිටිය පොලිසිය පවසා සිටියේ කොළඹ පිහිනුම් සමාජයේ (Colombo Swimming Club) පිහිනුම් තටාකයට වැටී, තම අට හැවිරිදි පුතුගේ මොළයට හානි සිදු වූ බව පවසමින් එම දරුවාගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවයි.
මෙහිදී උපන්දින සාදයක් සදහා මෙම දරුවා එහි ගොස් ඇති අතර එහිදී පිහිනුම් තටාකයේ පිහිනමින් සිටියදී දරුවා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
කෙසේවෙතත් පැමිණිල්ල ඉදිරිපත් කරමින් දරුවාගේ පියා ඉල්ලා ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවට අදාළ සීසීටීවී දර්ශන ලබා දෙන ලෙසයි.
සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

