කතුවැකිය: ළමයි ඉස්සරහ “කටට එන පලියට” කතා කිරීම සමාජය නිහඬව පිළිගන්නා මානසික හිංසාවක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

අපේ සමාජය අදත් ලිහිල්ව බැලූ කරුණක් තියෙනවා.

ඒ තමයි  දෙමව්පියන් සහ වැඩිහිටියන්, පොඩි ළමයි ඉදිරියේ වගකීමකින් තොරව කතා කිරීම.

“ළමයින්ට තේරෙන්නෑ”

“කියපු වචන ටිකක් විතරයි”

මෙවැනි යුක්තිකරණ, සමාජයම එකතු වෙලා

දරුවෙකුගේ මනසට සිදුවන හානිය සාමාන්‍ය කරගෙන තිබෙන බවට

පැහැදිලි සාක්ෂියක්

වචන යනු පෙනෙන්නෙ නැති නමුත් නීතියටත්, මනසටත් බලපාන අවිකි

දරුවෙකුට අත උස්සන එක අපරාධයක් කියලා

අපි හඳුනාගෙන තියෙනවා.

නමුත් වචන වලින් පහර දීම

තවමත් බොහෝ දෙනාගේ ඇස්වලට නොපෙනෙන අපරාධයක්.

“උඹ මෝඩයි”,

“උඹෙන් වැඩක් නෑ”,

“උඹ නිසා අපි දුක් විඳිනවා”

වැනි වචන,

දරුවෙකුගේ ආත්ම විශ්වාසය, ආරක්ෂිත බව, සහ තමන් ගැන ඇති විශ්වාසය

මූලයෙන්ම කඩා දමයි.

මේ තුවාල පේන්නෑ.

නමුත් ඒවා

වැඩිහිටියන් වුණාමත්

භීතිය, අවපීඩනය, අසාර්ථකභාවය ලෙස

ඉස්මතු වෙයි.

දෙමව්පියන්ගේ ගැටලු දරුවාට පැටවිය නොහැකි බරක්

විවාහ ගැටලු, මුදල් ප්‍රශ්න, පවුල් ආරවුල්

දරුවන් ඉදිරියේ විවෘත කිරීම

දරුවාට අයත් නොවන මානසික බරක් ඔහුගේ හෝ ඇයගේ හිස මත තබා දැමීමක්.

දරුවා අහන්නේ නැති ප්‍රශ්නවලට

ඔහු/ඇය හිත තුළම උත්තර හදගනී.

ඒ උත්තර බොහෝ විට

දෝෂාරෝපණයෙන් සහ guilt එකෙන් පිරී ඇති ඒවා.

මෙය සත්‍යයෙන්ම

දරුවාගේ මානසික ආරක්ෂාව බිඳ දැමීමකි.

නීතියත් මෙය නිහඬව අනුමත කරන්නේ නැහැ

ශ්‍රී ලංකාවේ Children and Young Persons Ordinance සහ

Penal Code යටතේ,

දරුවෙකුට සිදු කරන මානසික හිංසාව (Psychological Abuse / Mental Cruelty)

ද නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සලකා බැලිය හැක.

ඊට අමතරව,

ශ්‍රී ලංකාව අත්සන් කර ඇති

United Nations Convention on the Rights of the Child (CRC)

අනුව,

දරුවෙකුට

භීතියෙන්, අපහාසයෙන්, සහ මානසික හිංසාවෙන් තොරව

ජීවත් වීමට අයිතියක් ඇත.

දෙමව්පියන් වීම කියන්නේ

අධිකාරියක් විතරක් නෙමෙයි

එය නීතිමය සහ සමාජ වගකීමක්.

සමාජයක් ලෙස අපි අසන ප්‍රශ්නය

අපි හදන්නෙ

ආත්ම විශ්වාසයෙන් පිරි,

වගකීම දන්න,

මනසින් ශක්තිමත් පරපුරක්ද?

නැත්නම්

බියෙන්, guilt එකෙන්,

තමන්වම සැක කරන

පරපුරක්ද?

ඒ ප්‍රශ්නයට උත්තරය

අනාගතයේ නෙමෙයි

අද අපි ළමයි ඉස්සරහ භාවිතා කරන වචන තුළම තියෙනවා.

දරුවෙකු ඉදිරියේ

වචනයක් කීමට පෙර

තත්පර කිහිපයක් හිතීම

අපේ රටේ අනාගතය රැකගැනීමක් විය හැක.

සෑම දරුවෙකුටම

ගෞරවයෙන්, ආරක්ෂිතව සහ භීතියෙන් තොරව ජීවත් වීමට අයිතිය ඇත.

ඒ නිසා,

දරුවන් ඉස්සරහ කතා කිරීමේදී

වගකීමෙන් කතා කිරීම

අපි සියලු දෙනාගේම සමාජ වගකීමකි

අචාර්ය එම්. එම්. සෆාන්

විධායක අධ්‍යක්ෂක

මානව හිමිකම් ආරක්ෂණ සංවිධානය

ප්‍රධාන කර්තෘ

එෂියා නිව්ස් ප්ලස් වන් ප්‍රයිවට් ලිමිටඩ්

Asia news plus one Pvt Ltd,

Bbcmirror media Pvt Ltd

බීබීසි මිරර් මිඩියා ප්‍රයිවට් ලිමිටඩ්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *