එලබෙන උත්සව මාසයත් සමඟ අන්තර්ජාල වංචා ගැන සැලකිලිමත් වන්න- ජනතාවට දැනුම් දිමක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
දිනෙන් දින ඉහළ යමින් පවතින අන්තර්ජාල වංචා හේතුවෙන්, ඉදිරියේ පැමිණෙන උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළවන දැන්වීම් පිළිබඳ වඩාත් සැලකිලිමත් වීමට ජනතාවට උපදෙස් ලබා දී තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ (SLCERT) විසිනි.
එම ආයතනයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු මහතා සඳහන් කළේ, මේ වසරේ ගෙවී ගිය පළමු මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම SLCERT වෙත වාර්තා වී ඇති බවයි.
ඉදිරියේ පැවැත්වෙන උත්සව සමය, විශේෂයෙන්ම සමය තුළ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ සබැඳි (links) අන්තර්ජාලය ඔස්සේ පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බව ද ඔහු පැවසීය.
එවැනි සබැඳි භාවිතා කිරීමෙන් පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරකම් කිරීමට වංචාකරුවන් උත්සාහ කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, අන්තර්ජාලය හරහා ලැබෙන අනියම් සබැඳි (links) හෝ සැකසහිත වෙළෙඳ දැන්වීම් වෙත පිවිසීමේදී දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස SLCERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

